Latestදේශීය

ඇප ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි – හිරුණිකා නැවතත් වැලිකඩට

වසර තුනක සිර දඬුවම් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට විරෝධය පළ කරන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණ හමුවේ දැනුම් දුන්නේය.

ඒ අනුව එම ඇප ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට කාලය ලබා දෙන ලෙසද නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එය අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇයගේ ඇප ඉල්ලීම සලකා බැලීම එළැඹෙන 11 වැනිදා දක්වා යළි කල් දමනු ලැබීය.

මහාධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්දට වසර තුනක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් නියම කරන ලද අතර ඇය එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබේ. ඒ මත මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබිණ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *