Latestදේශීය

ජනාධිපතිවරණ සිහිනය සහ රාජ්‍ය දේපල අවභාවිතය

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය වසර 6ක් ලෙස ප්‍රකාශ කරන මෙන් ඉල්ලීම මුඛ්‍ය අරමුණ කර ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පිටුපස තිබෙන සැඟවූ කරුණු පිළිබඳව විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

එම පෙත්සම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ නීතිඥයන් කිසිදු සම්බන්ධයක් නැති බව ජනාධිපති මාධ්‍ය අංශයෙන් අද දහවල් නිවේදනය කර තිබුණි. නමුත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙම මස 17 වෙනි දිනෙන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බලාත්මක වන මැතිවරණ කොමිසමේ කටයුතුවලින් රිංගා යාම සඳහා තිබූ සැලසුම තවමත් අවසන් නොමැති බවයි. විශේෂයෙන් ම මැතිවරණ කොමිසමට වාරණ නියෝගයක් පනවා රාජ්‍ය සම්පත් දේපළ අවභාවිතා කරමින් විවිධ භාණ්ඩ බෙදා දීම ඇතුළු ප්‍රචාරක කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කරනු ඇති බව සිවිල් සංවිධාන සහ දේශපාලන ක්‍රියාකාරිකයින් පෙන්වා දී තිබේ.

මේ වන විටත්, උරුමය ඔප්පු බෙදා දීම් ප්‍රමුඛ කොට ගත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක යාන්ත්‍රණය වෙනුවෙන් රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් සිටී. මෙම වසර වෙනුවෙන් ජනාධිපති වැය ශීර්ෂය සඳහා රුපියල් මිලියන 6,607ක් ආරම්භයේදී ම වෙන් කර ගත් අතර පසුගිය පෙබරවාරියේ දී තවත් මිලියන 2,000ක් ද ජුනි මාසයේ දී තවත් මිලියන 8,750ක් ද වෙන් කර ගනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *