Latestදේශීය

පොහොට්ටු අලි ගැටුම පොහොට්ටු පොහොට්ටු ගැටුමක් දක්වා වර්ධනය වෙයි

පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් අද (03) පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා රනිල්වාදී පොහොට්ටු ප්‍රබලයන් දැඩි ලෙස කෝප වී ඇති බව වාර්තා වේ.

සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දීම පිළිබඳව සලකා බැලිය හැකි බවයි. එම ප්‍රකාශයට එරෙහිව ප්‍රසන්න රණතුංග සහ මහින්දානන්ද අලුත්ගමගේ දැඩි ප්‍රතිචාර දැක්වීමට සූදානම් වී සිටින බව වාර්තා වේ.

පසුගිය 30 වෙනි දින මාතරදී පවත්වන ලද රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැලියේ නිවේදන කටයුතු සඳහා ගොස් සිටි තැනැත්තාට සාගර කාරියවසම් තර්ජනය කිරීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ එසැනින් ම ප්‍රහාරාත්මක ප්‍රතිචාර දක්වා තිබුණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *