තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදීමක්
2024.07.03 වන දින රාත්රී කාලයේ තලාව පොලිස් වසමේ සුමුදුගම ප්රදේශයේදී තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නීති විරෝධි මත්පැන් අළෙවි කරන බවට ලද තොරතුරක් මත වැටලීම් රාජකාරි නිරතව සිටියදී පුද්ගලයෙකු විසින් එම නිලධාරීන්ට බැන ර්තජනය කර මන්නා පිහියක් රැගෙන පහර දීමට උත්සහා කර ඇති අතර වැටලීම් නිලධාරීන් විසින් ඒ සම්බන්ධව පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු තලාව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ස්ථානයට ගොස් ඇත.
එම අවස්ථාවේදී කලහකාරි හැසුරුනු පුද්ගලයකු විසින් මන්නා පිහියකින් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා ඇති අතර එම ස්ථානයේ සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ද වැටලීම් නිලධාරීන්ට පහරදීම හේතුවෙන් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
සැකකරු විසින් නැවත ජීව අත්බෝම්බයකින් පොලිස් නිලධාරීන්ට දමා ගැසීමට උත්සහා කරන අවස්ථාවේ නිලධාරීන් විසින් එය වළක්වා ජීව අත්බෝම්බයද සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන සුමුදුගම, තලාව ප්රදේශයේ පදිංචිකරුවෙකු වේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

