කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලය හිමිකර ගනී
(බීබීසී)
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ බහුතරය ද සමඟය. බහුතරය සඳහා ආසන 326 ක් දිනා ගැනීමට අවශ්‍ය වූ අතර කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 393 කි.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ කොන්සවර්ටිව් පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 103 ක් පමණි. කොන්සවර්ටිව් පක්ෂය, මෙසේ පරාජයට පත් වූයේ වසර 14 කට පසුව වීම විශේෂත්වයකි.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, නව රජයක්ක පිහිටුවන කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇත.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

