මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ
(නාගොඩ සුමන උදයන්ත)
යුක්තිය මෙහෙයුම යටතේ 2023 වසරේ දෙසැම්බර් 17වනදා සිට මේ දක්වා රුපියල් මිලියන 19075ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
එහිදී වැටලීම් 152672ක් සිදුකර තිබේ. එහිදී සැකකරුවන් 5449ක් අත්තඩංගුවට ගෙන තිබේ.
මෙරට මත්ද්‍රව්‍ය ජාලයට ජාවාරම්කරුවන් 5979ක් සම්බන්ධ බවට හඳුනා ගෙන ඇතිබව පොලිස්පතිවරයා පැවසීය.
ඒ අනුව ඉන් 91%ක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසු තවදුරටත් ජාවාරමේ යෙදෙන්නන් සහ හඳුනාගත් නව ජාවාරම්කරුවන් 1788 දෙනෙකු මේවන විට හඳුනා ගෙන තිබේ.
පුනරුත්තාපනය සඳහා පුද්ගලයන් 3765කු යොමුකර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැඩි පිරිසක් තවදුරටත් සිටිනුයේ බස්නාහිර පළාත තුළ බව පැවසීය.
අදාළ කාලය තුළ අපරාධ සහ මත්ද්‍රව්‍යවලින් උපයාගත් වත්කම් විමර්ශන 837ක් ද මේ වන විට ක්‍රියාත්මක වෙයි.
නීති විරෝධීව ඉපයූ රුපියල් මිලියන 1425ක වත්කම් ද අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

