Latestදේශීය

කෙහෙළිය පවුලට අධිකරණ නියෝගයක් 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇතුළු පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අදාළ නියෝගය නිකුත්කළ බව වාර්තා වේ.

එම ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු වල වටිනාකම රුපියල් මිලියන 97කට අධික බව සඳහන් වෙයි.

එම බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු පවත්වාගෙන ගොස් ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමි පුරුෂයා නමින් බව සදහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *