Latestදේශීය

වතු කම්කරුවන් මුළාකළ රනිල්ගේ බොරුව හෙළිවෙයි

වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දමන බව රනිල් වික්‍රමසිංහ මැයි දින වේදිකාවේදී ප්‍රකාශ කළ ද, එය මුළුමනින් ම සටකපට ප්‍රකාශයක් බව මේ වනවිට තහවුරු වී තිබේ.

වතු කම්කරු දෛනික වැටුප ලබා දීම සම්බන්ධයෙන් කම්කරු ඇමති මනූෂ නානයක්කාර ගැසට් නිවේදනයක් ද නිකුත් කරමින් විවිධ ආකාරයේ තර්ක දේශපාලන වේදිකාවේදී ඉදිරිපත් කර තිබුණි. එහෙත් මේ වනවිට එය යථාර්ථයක් වී නැති අතර අදාළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ගොනු කර තිබූ පෙත්සමක් අනුව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

වතු සමාගම් 21ක් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම් විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම විභාග අවසන් වන තෙක් ගැසට් නිවේදනය අත්හිටුවා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය විභාගයට ගනිමින් අතුරු තහනම් නියෝගය ලබා දී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *