Latestදේශීය

පියුමි ගැන කුරියර් සමාගමෙන් ප්‍රකාශයක්

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි විසින් අලෙවි කරන ලද පැහැපත් කරන ආලේපන වර්ග පාර්සල් තම ආයතනය හරහා අලෙවි කර ඇත්තේ තුන්දහස් පන්සියයක් බවට ඒවා බෙදා හැරි කුරියර් සමාගමේ ප‍්‍රධානියා හෙලි කර ඇත.

ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම භාණ්ඩ වර්ග බෙදා හරින ලද කුරියර් සමාගමේ ප්‍රධානියාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමකදීය.

නමුත් පියුමි හංසමාලී මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් එකක් රුපියල් තිස්පන්දහසක් බැගින් ක්‍රීම් පාර්සල් 25,000ක් පමණ කුරියර් සේවය හරහා අලෙවි කළ බවයි.

ඒ හරහා රුපියල් කෝටි 87 ක් පමණ උපයා ගත් බවද ඇය සඳහන් කර තිබිණ.

මෙම භාණ්ඩ ඇය කුරිය සමාගම් දෙකක් හරහා අලෙවි කර ඇති අතර දැනට එක් සමාගමකින් පමණක් ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර අනෙක් සමාගමේ හිමිකරුවන්ගෙන්ද ප්‍රශ්න කිරීමට කටයුතු කරමින් සිටී.

@lankacnews


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *