Latestදේශීය

තෙමහල් ගොඩනැගිල්ලක් නායයයි

(රංජිත් රාජපක්ෂ)

ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් (06) දින අලුයම නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයට (05) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට මායිම්ව ඉදි කරමින් පැවති එම තෙමහල් ගොඩනැගිල්ල අඩි 200 ක් ප්‍රපාතයට නායගොස් ඇත.

ගොඩනැගිල්ල නාය යන අවස්තාවේ එහි කිසිවෙකු සිට නොමැති අතර, ප්‍රමිතියකින් තොරව එම ගොඩනැගිල්ල ඉදි කරමින් පැවති නිසා ගොඩනැගිල්ල නායගොස් ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් වැසි පතිත වෙමින් පවති.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *