Latestවිදේශීය

ප්‍රංශ මැතිවරණය අළුත් ප්‍රංශයක් ගොඩනගන්නට ද?

ඊශ්‍රා­ය­ලය මේ වන විට ගාසා තීර­යට ප්‍රහාර එල්ල­ක­ර­මින් සිටින්නේ සාම ගිවි­සුම් පිළි­බ­ඳව වගේ වගක් නැති ගාන­ටය. ගාසා තීර­යෙන් එල්ල­වන ප්‍රහාර කෙසේ වෙනත් නිර­න්ත­ර­යෙන් ලෝක පුවත් සේවා­ව­න්ව­ලට ඉදි­රි­පත් කිරී­මට සිදුව ඇත්තේ නිර­න්ත­ර­යෙන් ඊශ්‍රා­ය­ල­යෙන් එල්ල­වන ප්‍රහා­ර­යන් සම්බ­න්ධ­යෙනි. එමෙන්ම ව්ලැදි­මීර් පුටින්ගේ කොරි­යානු සංචා­රය පිළි­බ­ඳ­වද පසු­ගිය සතිය පුරා ලෝක පුවත් සේවා­වන් වැඩි ඉඩ­ක­ඩක් ලබා දී තිබිණි. එයින් මතුද එහි දිගු­වක් ලෙසින් නොයෙක් ආකා­රයේ පුවත් කර­ළි­යට පැමි­ණෙ­මින්, විසි­වෙ­මින් තිබිණි. ඒවා කොත­රම් දුරට සත්‍යද, අස­ත්‍යද, පිළි­ගත නොහැ­කිද යන කාරණා කෙසේ වෙතත් සෑම මාදි­ලි­ය­කම පුවත් ඒජන්සි සහ සමාජ මාධ්‍ය ජාල ඒ, වෙනු­වෙන් ඉඩ­කඩ වෙන්කර තිබිණි. යුද කතා මෙන්ම හිත­මි­තුරු කතා හා පස­මි­තුරු කතා එසේ සට­හන් වන විට මේ මොහොතේ මැති­ව­ර­ණ­යක කතා­වක් එළි­යට පැමිණ තිබේ. ඒ ප්‍රංශ මැති­ව­ර­ණ­යයි. ඉන්දි­යාවේ පැවැති මැති­ව­ර­ණය අහ­ව­රව සති කීප­යක් ගිය තැන ආරම්භ වූයේ ප්‍රංශ මැති­ව­ර­ණ­යයි. එම මැති­ව­ර­ණය ආරම්භ වූයේ පසු­ගිය 30 වැනි­දාය.

මේ මොහොතේ පැව­ත්වෙන මැති­ව­ර­ණය කෙසේ වෙතත් මෑත වක­වා­නුවේ ප්‍රංශය පිළි­බ­ඳව ලෝකය පුරා කතා­බහ කර­න්නට වූයේ 2023 වසරේ ජූලි මාස­යේ­දීය. සාම­කාමී ප්‍රංශය පිළි­බ­ඳව අසු­බ­වාදි අද­හස් බොහෝ දෙනාගේ සිතෙහි මතුව ආවේ මෙම සිදු­වී­මත් සම­ඟිනි. ප්‍රංශ අර­ග­ලය පිළි­බ­ඳව වෙනම ආකා­ර­ය­කට කතා කළද පසු­ගිය වසරේ සිදුවූ මෙම සිදු වීමත් සම­ඟින් ජනතා නැඟි­ටීම සිදු වූයේද අර­ග­ල­යක සිරි මව­මිනි. සිදු­වීම වූයේ ජූනි 27 වැනිදා පොලි­සිය විසින් වෙඩි­තබා 17 හැවි­රිදි තරු­ණ­යකු ඝාත­නය කිරී­මත් සම­ඟිනි. අඩු වැඩි ආකා­ර­යෙන් ප්‍රංශය පිළි­බ­ඳව පුවත් ඒ ඒ අයු­රින් උඩට මතුව ආවේය. මේ මොහොතේ ප්‍රංශය පිළි­බ­ඳව ‍කතා කර­න්නට ඇති මාතෘ­කාව වන්නේ ප්‍රංශයේ පැවැ­ත්වෙන මැති­ව­ර­ණ­යයි.

මැති­ව­ර­ණයේ පළමු වටය

ප්‍රංශ මැති­ව­ර­ණයේ පළමු වටය මේ වන විට අව­සන්ව තිබේ. මැති­ව­ර­ණයේ පළමු වටය අව­සන් වන විට 30 වැනිදා රාත්‍රී වී තිබිණි. මෙවර මැති­ව­ර­ණයේ පළමු වට­යෙන් ජය­ග්‍ර­හ­ණය කිරී­මට සමත්ව ඇත්තේ දක්ෂි­ණාං­ශික පක්ෂ­යයි. ඔහු ප්‍රංශයේ ජනා­ධි­ප­ති­ව­රයා වන එමා­නු­වෙල් මැක්‍රොන්ගේ ප්‍රබ­ලම ප්‍රති­වා­දියා ලෙසින් නම් කළ හැකිය. සර­ල­වම කියන්නේ නම් එය ප්‍රංශයේ විප­ක්ෂය කර­න­ලද ජය­ග්‍ර­හ­ණ­යකි. එම ප්‍රති­ඵ­ල­ව­ලින් ජය­ග්‍ර­හ­ණය කිරී­මට සමත්ව තිබුණේ මැරි­න්‍ ­ලේ­පෙන්ගේ දක්ෂි­ණාං­ශික පක්ෂ­යයි. මේ වන විට පළමු වට­යේදී 33%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ගනි­මින් දක්ෂි­ණාං­ශික ජාතික සංධා­නය ජය­ග්‍රාහී ගම­නක ඉදි­රි­යෙන්ම සිටින අතර එහිදී මැති­ව­රණ කොට්ඨාස සඳහා මන්ත්‍රී­ව­රුන් 76ක් තේරී පත්වූ අතර ජනා­ධි­පති එමා­නු­වෙල් මැක්‍රොන්ගේ සන්ධා­න­යට දිනා­ගත හැකි­වූයේ මන්ත්‍රී­වරු දෙදෙ­නෙක් පමණි. Marien Le Pen ගේ දක්ෂි­ණාං­ශික සන්ධා­නය මන්ත්‍රී­ව­රුන් 39ක්ද, නව­ජ­නතා පෙර­මුණ(NFP) 32ක්ද, වශ­යෙන් මන්ත්‍රී­වරු 76 දෙනා පත් විණි.

Marien Le Pen

Marien Le Pen 2021, 2017 මෙන්ම 2022 වස­ර­ව­ලදී ප්‍රංශ ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් තරග කර­න්නට විය. නීති­ඥ­ව­රි­යක් වන ඇය 2011 සිට 2021 දක්වා තම පක්ෂයේ සභා­ප­ති­නිය ලෙසද කට­යුතු කළාය. වයස අවු­රුදු 55ක් වන ඇය තම මුල්ම දේශ­පා­ලන ජීවි­තය සනි­ටු­හන් කර­ගනු ලැබුවේ ඇයගේ වයස අවු­රුදු 18ක් වන විටය. ඒ 1986 වස­රේදී ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රි­යක් ලෙස පත්වී­මත් සම­ඟය. ඒ ඇයගේ පළමු දේශ­පා­ලන ජය­ග්‍ර­හ­ණ­යයි. ඉන්පසු ඇය නව නාය­ක­යකු ලෙසින් තම ගම­න්මා­ර්ගය ආරම්භ කරනු ලැබුවේ 2011 වස­රේ­දීය. එම වසරේ මැයි පළ­මු­වැ­නිදා පැරී­සි­යේදී ආධා­ර­ක­රු­වන් 3000ක් ඉදි­රියේ සිය පළමු කතාව ආරම්භ කළාය. Le pen ගේ පළමු ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය ඇයට ලැබුණේ 2011 වස­රේ­දීය. ඇයගේ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය 2017 මැයි 16 දින නිත්‍ය ලෙසින් නම් වූ අතර එම වසරේ සැප්තැ­ම්බර් 10,11 දින­වල ඇය ජනා­ධි­ප­ති­ව­රණ සටන දියත් කළාය. මෙම ජනා­ධි­ප­ති­ව­රණ සට­නේදී සංක්‍ර­ම­ණික ප්‍රශ්න, ගෝලී­ය­ක­ර­ණය වැනි දෑව­ලට වඩා ආර්ථික හා සාමා­ජ­යීය ප්‍රශ්න පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරීමේ ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබිණි. එය බොහෝ දේශ­පා­ලන විචා­ර­ක­යන්ගේ කතා­බ­හට පවා ලක්විය. කෙසේ වෙතත් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පළමු වට­යේදී ඇය 17.90%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ගැනී­මට සම­ත්විය.

ඒ කතා කෙසේ වෙතත් මේ වන විට Le penගේ නාය­ක­ත්ව­යෙන් යුතු මැති­ව­ර­ණයේ පළමු වට­යෙන් ජය­ග්‍ර­හ­ණය කිරී­මට සමත්ව තිබේ.

මේ අත­ර­වා­රයේ දක්ෂි­ණාං­ශික ජය­ග්‍ර­හ­ණය වැළැ­ක්වීම සඳහා එක්සත්ව පෙර­මු­ණක් පිහි­ටු­වී­මට එක්ව­න‍ ­ලෙස අග­මැ­ති­ව­රයා ඉල්ලී­මක් කර තිබිණි. මේ ආකා­ර­යට එක්සත් පෙර­මු­ණක් ඇති කිරීමේ අර­මුණ වූයේ Marine Le penගේ පක්ෂය බහු­ත­ර­යක් දිනා­ගැ­නීමේ හේතුව නිසාය.

මැක්‍රොන්ගේ සූදුව

බොහෝ දෙනෙක් මෙම මැති­ව­ර­ණය හඳුන්වා දුන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ හදිසි මැති­ව­ර­ණ­යක් ලෙසයි. යුරෝපා සංගම් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් ඔහුගේ පක්ෂය පරා­ජ­යට පත් වූ හේතු­වෙන් වසර තුන­කට පෙර හදිසි මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට කට­යුතු කළේය. දේශ­පා­ලන විචා­ර­ක­යන් එය හඳු­න්වන්නේ දේශ­පා­ලන ජීවි­තයේ විශා­ල­තම සූදුව ලෙසයි. මේ තීර­ණය සම්බ­න්ධ­යෙන් ඔවුන් තව­දු­ර­ටත් පව­සන්නේ ඔලි­ම්පික් උලෙළ පැවැ­ත්වී­මට කෙටි කාල­යක් තිබි­යදී සහ රුසි­යානු ආක්‍ර­ම­ණ­යට එරෙ­හිව යුක්‍රේ­න­යට හිත­ව­ත්කම් පාමින් ප්‍රංශය අවුල් ජාල­ය­කට ඇද දැමී­මට හදිසි තීර­ණ­යක් ගෙන ඇති බවයි.

එමෙන්ම මැති­ව­ර­ණයේ පළමු වටය අව­ස­න්වී­මෙන් පසු සභාග ආණ්ඩු­වක් සඳ­හාද සාකච්ඡා කට­යුතු කෙරෙ­මින් තිබෙනා බවය. ඒ කෙසේ වෙතත් SELMA SUN වෙබ් අඩ­විය සඳ­හන් කර­නුයේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ RN පක්ෂ­යට ආසන 199 සිට 220 දක්වා ජය­ග්‍ර­හ­ණය කළ හැකි බවයි. එහෙත් එය තව­දු­ර­ටත් වර්ධ­නීය ලෙස වෙනස්වී ඇතැයි පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා ඔවුන් සඳ­හන් කර­නුයේ RN පක්ෂ­යට ආසන 210 – 240ක් සංඛ්‍යා­වක් දිනා ගැනී­මට හැකි­යාව ඇති බවයි.

මේ අතර POLITICO වෙබ් අඩ­විය සඳ­හන් කර සිටියේ පළ­මු­ව­ටයේ මැති­ව­රණ ප්‍රති­ඵ­ල­ව­ලින් පෙනී යන්නේ ජන­ප­ති­ව­ර­යා­ගෙන් මහ­ජ­න­තාව කොත­රම් ඈත්වී තිබේද යන්න පැහැ­දි­ලි­වම පෙනෙ­න්නට තිබෙනා බවය. කවර ආකා­ර­යෙන් කතා කළද මේ වන විටත් අව­සන්ව ඇත්තේ ප්‍රංශ මැති­ව­ර­ණයේ පළමු වටය පමණි. එහි දෙවන වටය පිළි­බ­ඳව ලෝක­ය­ටම දැන­ග­න්නට හැකි­වන්නේ ඉරිදා පැවැ­ත්වෙන දෙවන වට­යෙන් පසු­වය.

එහෙත් බහු­ත­ර­යක් දෙනා මේ වන විට සඳ­හන් කරන්නේ දක්ෂි­ණාං­ශික පක්ෂය ප්‍රංශ දේශ­පා­ල­නය උඩු යටි­කුරු කරනු ඇති බවයි. එහෙත් එම පක්ෂය බල­යට ඒම වළ­ක්ව­මින් මේ වන විටත් අනෙ­කුත් දේශ­පා­ලන පක්ෂ තම උපා­ය­මා­ර්ග­යන් භාවි­ත­යට ගනි­මින් සිටී

දෙවැනි වටය

සමී­ක්ෂ­ණ­යන් යම් විටෙක නිවැ­රදි විය හැකි මෙන්ම එය සාවද්‍ය තොර­තු­රු­ව­ලින්ද ගහන විය හැකිය. කෙසේ වෙතත් challenges සඟ­රාව සඳහා කළ සමී­ක්ෂ­ණ­ය­කදී Marine Le pen ගේ දක්ෂි­ණාං­ශික පක්ෂ­යට ජාතික සභාව පාල­නය කිරී­මට අවශ්‍ය ආසන 289 දිනා­ගත නොහැකි බව පෙන්නුම් කරයි. කෙසේ වෙතත් තරග තීර­ණය තාමත් විවෘ­තය. එයට නිසි පිළි­තුර ලැබෙ­නුයේ එළ­ඹෙන ඉරි­දාය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *