Latestදේශීය

රනිල්ගේ වැල්පාලමේ මායාව සහ රටවැසියන්ගේ ඛේදවාචයක

විදේශ ණය ආපසු ගෙවීම කල් දමා ගැනීම පිළිබඳව විශාල ප්‍රචාරයක් ගෙන යන රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව මේ රටේ ජනතාව මත එල්ල කර තිබෙන ව්‍යවසනකාරී බලපෑම පිළිබඳව දත්ත සහිත තොරතුරු රැසක් හෙළි කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් අරමුදල, ලෝක ආහාර වැඩ සටහන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් වරින් වර මේ පිළිබඳව සවිස්තර වාර්තා ඉදිරිපත් කර තිබිණි. ඒ අතරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ඇතුළු මෙරට ආර්ථික විශේෂඥයින් පිරිසක් විවිධ අවස්ථාවල දී කරුණු හෙළි කර තිබිණි.

මේ අතරට අලුතින් ම එක් වී තිබෙන්නේ දිවයින පුවත්පතේ මාධ්‍යවේදී සමීර කන්නන්ගර 07 වෙනි ඉරිදා එම පුවත්පතට මහාචාර්ය වසන්ත අතුකෝරල සහභාගී කර ගනිමින් පළ කර තිබෙන ලිපියයි. “වැල් පාලමෙන් ටයිටැනික් නැවට නැග්ග ජනතාව උද්ධමනයේ ගිලෙයි“ යන සිරස්තලයෙන් කරුණු සහිතව විස්තර හෙළි කර තිබේ. ඒ සම්බන්ධයෙන් සාරාංශයක් පහත දැක්වේ.

“ආර්ථිකය නැවත යථා තත්වයට ගන්න 108%ක පඩි වැඩිවීමක් අවශ්‍යයි“

“60.5%ක මාසික ආදායම පහළට“

“91%ක මාසික වියදම ඉහළට“

“රටේ පවුල්වලින් 22%ක් ම ණයකාරයන්“

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *