Latestදේශීය

රුසියාවෙන් ගෙනා කැලෑ බළලා අත්අඩංගුවට

නිසි අවසරයකින් තොරව මෙරටට ගෙනැවිත් ඇති බවට සැක කෙරෙන අප්‍රිකානු කැලෑ බළලෙකු කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී බලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.

මෙම සතා මෙරට හඳුන් දිවියාට සමාන ය.

යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම සත්ත්ව විශේෂය සුරතලයට ඇති කරන අතර එබැවින් ජාත්‍යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුම ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන රේගු නිලධාරීන් පවසයි.

බලධාරීන් පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම සතාව ගෙනැවිත් ඇති බවයි.

මෙම කැළෑ බළලා දෙහිවල සත්වෝද්‍යානය වෙත යවා ඇති බවට වාර්තාවන අතර ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *