Latestදේශීය

ඉදිරියේදී ‌ඩොලර් තව ලාභ වෙනවා, ලෝකෙටම කන්න දෙන්න අපිට පුළුවන් – පාලිත රං‌ගෙ බන්ඩාර

ඉදිරි අවුරුදු තුන ඇතුළත ආයෝජන වැඩි කරලා නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගත්තහම ලෝකයට කන්න දෙන්න පුළුවන් විදියට රටේ කර්මාන්ත තව ශක්තිමත් කරගත්තහම ගොවියන්ගේ ආදායම වැඩිවෙනවා. රටට එන ආදායම වැඩිවෙනවා. එහෙම වුණහම ඩොලර් වල තියෙන මිල අඩුවෙනවා. ඒ සඳහා තමයි නවීන තාක්ෂණය එක්ක කෘෂිකර්මාන්තය හරහා ගොවියාගේ අක්කරයකින් ගන්න පුළුවන් කිලෝ ප්‍රමාණය දෙගුණයකින් වැඩි කරගන්න පුළුවන් ක්‍රමවේදයකට සකස් කරන්න යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේවා කීවේ එතුමා පරාජයට පත්වෙලා පාර්ලිමේන්තුවට එන්නත් කලින්. එතුමා මහඉලු‍ප්පල්ලම සමඟ සාකච්ඡා කරලායි තිබුණේ දැන් ගන්න අස්වැන්න මෙන් දෙගුණයක් අස්වැන්න ගන්න අභිජනන ක්‍රියාවලියකට යන්නේ කොහොමද කියලා. එහෙම වෙද්දී අපිට ඩොලර් එක රුපියල් 200 ට විතර අඩු කරගන්න පුළුවන්. ඩොලර් එක රුපියල් 400 ක් වෙලා තියෙද්දි ගෙවන්න තිබුණු ණය ඩොලර් එක රුපියල් 200 ක් වෙද්දි ගෙවන එක අපිට වාසි නැද්ද. තව මාස හයක් විතර යද්දී ඩොලර් එක රුපියල් 260 ට විතර අඩුවෙනවා. ඒ වෙද්දි ගෙවන්න තියෙන ණය සැහැල්ලු‍ වෙනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බංඩාර මහතා පැවසීය.

රඹෑව කල්ලංචියයේ එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කරමින් රංගෙ බංඩාර මහතා මේබව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද පැවසීය.

ඉදිරියේදී අපේ රටට සල්ලි එනවා. අපට සල්ලි දෙන්න කවුරුත් හිටියේ නෑ. අපි බංකොලොත් වෙලා හිඟමනට වැටිලා හිටියේ. ලෝකයේ රටවල් සමග එකතු වෙලා රනිල් මහත්තයා විශ්වාස හැදුවා. ඒනිසා තමයි ණය ගෙවන එක කල් දාගන්න පුළුවන් උනේ. මේ ණය ගෙවන්න තියෙන්නේ ඩොලර්වලින් අපේ සංචිත ශක්තිමත් වෙද්දී අපි ඩොලර් එකට ගෙවන රුපියල් ප්‍රමාණය අඩුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අමාරු වෙලාවේ රට භාරගනිද්දි ඩොලර් එක තිබුණේ රුපියල් 385න් එහා දැන් ඩොලර් එක රුපියල් 302 ට 303 ට අඩු වෙලා තියෙනවා.

ලොකයේ රටවල් ගණනාවකින් ණය අරගෙන තියෙනවා. නොගන්න තැන්වලිනුත් ණය අරගෙන තියෙනවා. බංගලාදේශනුත් ණය අරගත්තා. ඩොලර් මිලියන පහක් ගන්න පීචං තැනකටත් අපි වැටිලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ණය ගත්ත හැම රටක් එක්කම කතා කරලා එකඟතාවයකට ආවා 2027 ඉඳලා ණය ගෙවන්නම් කියලා. ණය ගෙවන්න කල්දා ගත්තහම ජනතා විමුක්ති පෙරමුණේ අයයි සමගි ජන බලවේගයේ අයයි විවේචනය කරනවා ණය ගෙවන්න කල් දාගත්ත එක ජයග්‍රහණයක්ද කියලා. මෙහි සාධනීය පැත්ත ගැන කතා නොකර ණය ගෙවන්න තියෙන එක කල් දාගත්ත එක ගැන විවේචනය කරනවා.

@Divaina

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *