Latestදේශීය

අලි සබ්රි වහාම අත්අඩංගුවට ගන්න

පසුගිය කාලයේ නීති විරෝධී ලෙස මෙරටට රත්‍රන් රැගෙන ඒමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට පාදක වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට දේපළ අනර්තය යටතේ එල්ල වී ඇති චෝදනාවක් මත, වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කල්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කර ඇත්තේ, කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ කුරුඥම්පිටිය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වග උත්තර කරු කරමින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ දීය.

මෙම නඩුවට අදාළව මීට පෙරදීද චූදිත මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥයෙකු හෝ අධිකරණයේ පෙනී සිට නැත. මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කර ඇත්තේ මෙවරද යළි නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු මෙලෙස අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලකට සාපරාධී ලෙස ඇතුළුවීම, දේපළ අනර්තය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වගඋත්තරකාර මන්ත්‍රීට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මෙම මන්ත්‍රී අලි සබ්රි රහීම් මීට පෙර රජයේ ඉඩම් අත්පත්කරගැනීමේ සිදුවීමක් පාදක කරගෙන එහි විමර්ශන කටයුතු සඳහා සහභාගී වූ රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිදුවීමක්ද වාර්තා වී තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *