Latestදේශීය

පොහොට්ටුව රනිල්ව තෝරාගත් හේතුව ගම්මන්පිල කියයි

‌ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඇති එකම සුදුසුකම ඔහුට දරුවන් නොමැති වීම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

2022 මැයි සිටම පොහොට්ටුවේ සහය තිබුනේ රනිල් වික්‍රමසිංහ මහතාට තමයි. ඒ නිසා එහි අළුත් දෙයක් නැ. පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදක්වනවා කිව්ව නම් තමයි ප්‍රවෘත්තියක් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාව පොහොට්ටුව තෝරාගන්නේ වෙන කවුරුවත් රට බාරගන්න හිටියේ නැති නිසා නෙවෙයි. ඒ අයට පුතාලා හිටියා. ඒ අය තෝරාගත්තොත් බාරදුන්නොත් නාමල් කුමරු රජකිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වේවි කියන බයට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව තෝරාගත්තේ. එතුමන්ට තියෙන එකම සුදුසු කම දරුවන් නොමැතිවීමයි.

ප්‍රශ්ණය : හිස ඔසවන වැඩවර්ජන රැල්ල ගැන ඔබතුමා මොකද කියන්නේ.

පිළිතුර : ආණ්ඩුව ඉතාම මෝඩ විදිහට අනුවන විදිහට පසුගිය කාලයේ වැඩ කලේ. කවුරු හරි වැඩ වර්ජනයක් කරලා පීඩනයක් එල්ල කලොත් ඒ අයට වැටුප් වැඩිවීමක් දෙනවා. අපිට වැටුප් ප්‍රථිපත්තියක් නැ. ඉල්ලුවොත් වර්ජනය කලොත් වැටුප් වැඩිවීමක් දෙනවා කියන එකයි පෙන්නුවේ. ඉතිං හැමෝම දැන් පාරට බැහැලා වැටුප් වැඩිකිරීම් ඉල්ලනවා.

ආණ්ඩුව කල යුත්තේ වැටුප් සමාලෝජන කමිටුවක් පත් කරලා සියලුම රාජ්‍ය සේවක වැටුප් ජීවන වියදමය සරිලන ලෙස සැකසීමයි. මේ අථාර්කික වැටුප් වැඩිකිරීම් හරහා වැඩබිමක් වෙන්න ඕන රට අද වැඩවර්ජන බිමක් වෙලා.

@ Media unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *