‘TCG KINALIADA’ නෞකාව දිවයිනට
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (09) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘TCG KINALIADA’ නෞකාව, දිගින් මීටර් 99.5 ක් හා නැව් මුළුව 152 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Serkan DOGAN කටයුතු කරනු ලබයි.
එමෙන්ම, ‘TCG KINALIADA’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Serkan DOGAN සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවක් අද ( 09) බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරුණි.
‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් ජුලි මස 11 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

