Latestදේශීය

කෝටියක අයිස් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල්  කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සහ රුපියල් ලක්ෂ 10 ක මුදල් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කොටහේන  සුපිරි වෙළද සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය  නාශක කාර්යාංශය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 14 හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 85 ක මුදලකට අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් විකිණීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරකට අනුව එය මිලදී ගන්නා මුවා වෙන් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකුට මෙම මත්ද්‍රව්‍ය  තොගය අයත් බවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෑන්ඩ්පාස් මිහිජය  සෙවන මහල් නිවාස සහ ජින්තුපිටිය  පදිංචිකරුවන්ය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *