වාහන ආනයනයට අදාල තීරණය අගෝස්තු මාසයේදී – රංජිත් සියඹලාපිටිය
රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පසුගිය 04 වැනි දා රැස් වූ අතර එහි අවසන් වාර්තාව අගෝස්තු මස දෙවැනි සතිය වන විට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එකගත්වය පළ වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේනේය.
එම වාර්තාව අනුව රටේ විනිමය තත්ත්වයට කිසිදු අනිසි බලපෑමක් ඇති නොවන පරිදි සහ ජනතා අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව වාහන ආනයනය සිදු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා පැවැසීය. පොදු ප්‍රවාහන වාහන, භාණ්ඩ ප්‍රවාහන වාහන, විකල්ප වාහන, සාමාන්‍ය වාහන සහ පෞද්ගලික වාහන යන අනුපිළිවෙළ යටතේ රථ වාහන ආනයන කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය රථ වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර මෙතෙක් එම වාහන අතුරින් කිසිවක් ආනයනය කර නොමැති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවැසීය. මේ යටතේ බස් රථ 250ක් සහ වෑන් රථ 750ක් ආනයනයට අවසර ලබා දී ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ අවසරයට යටත් ව ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

