විමර්ශන වලක්වන ලෙස ඉල්ලා පියුමි අභියාචනාධිකරණයට
(රෝෂන් තුෂාර)
කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් අද(10) ගොනු කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා,රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.
නීතිඥ සංජීව ඇන්තනී මහතා මගින් පවරා ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩා මුස්රීට් ආඥාවක් වග උත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන ලෙසය.
වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම්කාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ට අදාළ ගොනුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසත්, නීති විරෝධී වත්කම් විමර්ශනයට අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශන සිදුකරන ලෙසට වගඋත්තරකරුවන් කරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සම් මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

