සජබ පළමුතැන අධ්‍යාපනයට – සජිත් ප්‍රේමදාස
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයත් අතර ඇති වෙනස නැති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැනුම කේන්ද්‍රීය ගමනක් හා ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ සඳහා පන්ති කාමරයට පමණක් වෙන් වූ අධ්‍යාපනයට වඩා ලෝකයට විවෘත වූ අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සුහුරු රටක් ගොඩනැගීමට නම් සුහුරු ප්‍රතිපත්තියක් තිබිය යුතු වුවත් ආණ්ඩුවට ඇත්තේ යල්පැනගිය ක්‍රමවේදයන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 305 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත බටුවන්දර කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

