කතරගම කිඹුලන් යාල වනෝද්‍යානයට
කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා වනජීවී නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව මැණික් ගංගාවේ අටවන ලද උගුලකට හසුව සිටි දිග අඩි 06ක් පමණ දිග කුඹුලකු අල්ලා යාල වනෝද්‍යානයේ පිහිටි වැවක් වෙත මුදා හැරීම ඊයේ (10) සිදු කෙරුණි.
පසුගිය දින මැණික් ගංගාවේ දිය නෑමට ගිය පුද්ගලයකු කිඹුලකුට බිලිවීමත් සමඟ කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් මැණික් ගඟ හරහා තාවකාලික ආරක්ෂිත වැටක් ඉදිකිරීම සිදුකෙරුණු අතර වනජීවී නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව බැතිමතුන් දිය නාන තොටුපොළ ආසන්නයේ නිතර සැරිසරන කිඹුලන් අල්ලා යාල වනෝද්‍යානයට මුදා හැරීමේ මෙහෙයමක්ද ආරම්භ කෙරුණි. ඒ අනුව අටවන ලද කූඩුවකට හසුව තිබූ කිඹුලකු වනජීවී නිධාරීන් විසින් පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හා යුද හමුදා නිලධාරින් එක්ව යාල ජාතික වනෝද්‍යානය වෙත මුදාහැරීම සිදු කෙරුණි.
@දිනමිණ