ඩලස් චාරිකාවේ සජිත් නවැතැන
මාස ගණනක් පුරා දේශපාලන කල් බැලීමක යෙදී සිටි ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය චරිත හේරත් යන පොහොට්ටු මන්ත්‍රීවරු දෙදෙනා සජිත් පිල සමඟ එකතු වන බව ප්‍රකාශ කර තිබේ.
මෙම මන්ත්‍රීවරු දෙදෙනා ඒ බව නිල වශයෙන් ඊයේ (10) ප්‍රකාශයට පත් කළ ද දැනට වසර 2කක පමණ සිට සජිත් පිල සමඟ දේශපාලන අවබෝධයකින් කටයුතු කරනු ලැබීය.
එසේ තිබිය දී අද පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබෙන්නේ “අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑනේ. ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයෙන් තමා“ යනුවෙනි. මෙයට පෙර ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සමඟ සිටි බොහෝ මන්ත්‍රීවරු සජිත් පිල සමඟ එක්වී සිටිති.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

