Latestදේශීය

කතරගම කිඹුලන් යාල වනෝද්‍යානයට

කත­ර­ගම වන්ද­නාවේ පැමි­ණෙන බැති­ම­තුන්ගේ ආර­ක්ෂාව සඳහා වන­ජීවී නිල­ධා­රීන් හා පොලිස් ජීවි­තා­ර­ක්ෂක ඒක­කයේ නිල­ධා­රීන් එක්ව මැණික් ගංගාවේ අට­වන ලද උගු­ල­කට හසුව සිටි දිග අඩි 06ක් පමණ දිග කුඹු­ලකු අල්ලා යාල වනෝ­ද්‍යා­නයේ පිහිටි වැවක් වෙත මුදා හැරීම ඊයේ (10) සිදු කෙරුණි.

පසු­ගිය දින මැණික් ගංගාවේ දිය නෑමට ගිය පුද්ග­ල­යකු කිඹු­ල­කුට බිලි­වී­මත් සමඟ කිරි­වෙ­හෙර රජ­මහා විහා­රා­ධි­පති රුහුණු මාග­ම්ප­ත්තුවේ ප්‍රධාන සංඝ­නා­යක කොබ­වක ධම්මින්ද නාහි­මි­යන්ගේ මූලි­ක­ත්ව­යෙන් මැණික් ගඟ හරහා තාව­කා­ලික ආර­ක්ෂිත වැටක් ඉදි­කි­රීම සිදු­කෙ­රුණු අතර වන­ජීවී නිල­ධා­රීන් හා පොලිස් ජීවි­තා­ර­ක්ෂක ඒක­කයේ නිල­ධා­රීන් එක්ව බැති­ම­තුන් දිය නාන තොටු­පොළ ආස­න්නයේ නිතර සැරි­ස­රන කිඹු­ලන් අල්ලා යාල වනෝ­ද්‍යා­න­යට මුදා හැරීමේ මෙහෙ­ය­මක්ද ආරම්භ කෙරුණි. ඒ අනුව අට­වන ලද කූඩු­ව­කට හසුව තිබූ කිඹු­ලකු වන­ජීවී නිධා­රීන් විසින් පොලිස් ජීවි­තා­ර­ක්ෂක ඒක­කයේ හා යුද හමුදා නිල­ධා­රින් එක්ව යාල ජාතික වනෝ­ද්‍යා­නය වෙත මුදා­හැ­රීම සිදු කෙරුණි.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *