වනිඳු නායකත්වයෙන් ඉවතට
ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි.
එසේම ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි දැක්වෙයි.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, “ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවට කළයුතු උපරිමයෙන් මම කරනවා. එසේම මගේ කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වනවා…” යනුවෙනි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

