බිම්ස්ටෙක් සමුළුව ඉන්දියාවේ ආරම්භ වෙයි
බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතා සඳහා වන එකමුතුව නමින් හඳුන්වනු ලබන ‘බිම්ස්ටෙක්’ ජාත්‍යන්තර සමුළුව ඊයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන බිම්ස්ටෙක් සමුළුවේ ඊයේ ආරම්භ වූයේ රටවල් හතේ විදේශ ඇමැතිවරුන්ගේ හමුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. බෙංගාල බොක්ක ආශ්රිත රටවල් අතර නව කැපවීම්, නව මූලාශ්‍ර සහ නව මානයන් හඳුනා ගැනීම සඳහා එම සමුළුව අතිශය වැදගත් වනු ඇතැයි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
දින දෙකක් පුරා පැවැත්වෙන බිම්ස්ටෙක් විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවට සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය නියෝජනය කරමින් එම රටවල විදේශ ඇමැතිවරු සහභාගි වන බව ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

