Latestදේශීය

ජනාධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග නිකුත් කෙරේ

අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී තිබෙන විනිසුරු ධුර යථා පරිදි සම්පූර්ණ කිරීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙස ජනාධිපතිට සහ ව්‍යවස්ථාදායක සභාවට නියෝග කර තිබේ.

එම විනිසුරු පුරප්පාඩු පිරවීමට ක්‍රියා නොකිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කර තිබේ. ඊයේ (12) එය විභාගයට ගත් අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාවට මෙම නියෝගය නිකුත් කර ඇත. ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය පසුගිය වසරේ නොවැම්බර් 27 වෙනි දින මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.

ඒ පිළිබඳ විභාගය පංච පුද්ගල විනිශ්චය ආසනයක් ඉදිරියේ සලකා බැලීම ආරම්භ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය නිකුත් කරනු ලැබීය. ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව වෙනුවෙන් වගඋත්තර බැඳීම සඳහා සති 6ක කාලයක් ලබා දී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *