Latestදේශීය

සංගීත ප්‍රසංගයක් අතරතුර තවත් තරුණයෙක් ඝාතනය කරයි

වීරකැටිය මොරයාය ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මොරයාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක දී මෙම මරණය සිදුව ඇති බවය.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන් වේ.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි වීරකැටිය මොරයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පවසයි.

ගැටුමේදී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහලට වලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *