යුක්තිය නම් මෙහෙයුම සැරටම – පාතාල නම් වැඩ ජයටම
මෙම වසර ආරම්භයේ සිට මැයි මාසය අවසානය දක්වා සංවිධානාත්මක පාතාල කල්ලි විසින් අවස්ථා 25කදී පුද්ගල ඝාතන සිදු කර ඇති බව පොලිස් නිල නිවේදනවල දැක්වේ.
මත් ද්‍රව්‍ය මැඩලීම සඳහා බව කියමින් “යුක්තිය“ නැමැති ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන අතර මෙම දරුණු අපරාධ සිදු කිරීම විශේෂත්වයකි. දින කිහිපයකට පෙර ක්ලබ් වසන්ත ඝාතනය කිරීම ඇතුළු දරුණු ගණයේ ඝාතන විශාල ප්‍රමාණයක් මෙම වසර තුළ දී සිදු කර ඇත.
මෙලෙස සංවිධානාත්මකව සිදු කළ ඝාතනවලට අමතරව පුද්ගල ආරවුල් මත අදාළ පාර්ශවයන් ඍජුව ම මැදිහත් වී කරන ලද පුද්ගල ඝාතන සංඛ්‍යාව ද 50කට අධික බව හෙළි වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

