ගැටුම කරළියට – ජය සජිත්ට ද ෆොන්සේකාට ද?
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස අතර ගැටුම උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති අතර සරත් ෆොන්සේකා පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
එම වාර්තාවල දැක්වෙන පරිදි සරත් ෆොන්සේකාගේ කැලණිය ආසනය පොහොට්ටු පක්ෂයේ සිට පැමිණි ආචාර්ය නාලක ගොඩහේවාට ලබා දීමට සූදානම් වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය ඉදිරි දින කිහිපය තුළ දී කරනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ නායකයාට එරෙහිව ඍජුව ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස හෝ ඔහු වෙනුවෙන් වෙනත් නායකයෙකු හෝ මේ දක්වා පිළිතුරු ලබා දී නොමැත.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

