Latestදේශීය

ෆොන්සේකාව සජබෙන් ඉවත්කරනවා – අශෝක අබේසිංහ

පාර්ලිමේන්තු මංත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට අවධානය යොමුව ඇතිබව එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

ඒ අනුව පක්ෂ කෘත්‍යාදිකාරි මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතයි.

ඔහු පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණය මගින් ලබාදී ඇති වාරණය ඉවත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට සූදානම් බව පැවසීය.

දිගින් දිගටම ඔහු පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කරයි.

පක්ෂයේ කිසිදු දෙයකට සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවන බව මංත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *