Latestදේශීය

මාකඳුරේ මදුෂ්ගේ සොහොන ළඟ දැන්වීමක්

මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදානය කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ තාප්පයෙහි ඊයේ(13) පස්වරුවේ ඔහුගේ ඡායාරූපයක් සහිතව මුද්‍රණය කරන ලද බැනරයක් ප්‍රදාර්ශනය කර තිබේ.

එහි සඳහන් කර තිබුණේ “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙනි.

එම දැන්වීමට පහතින් K .P. I ලෙස අකුරු 3ක් ද මුද්‍රණය කර තිබුණි.

මේ අතර ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම මිය ගිය මාකඳුරේ මධුෂ්ගේ නම කියැවුණු අතර ඔවුන් අතර පැවති ආරවුලකට පළිගැනීමක් ලෙස මෙරටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් සහගතව සිදු කරන ලද ඝාතනයක් බවට සැක පළ වෙමින් පවතී.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *