සජිත් කතා කරන්නේ තුට්ටුදෙකේ දේශපාලනය – රාජිත සේනාරත්න
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය 11 වෙනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සමීපතමයින් ට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පාසල්වලට සුහුරු පංති කාමර ලබා දී එම විවෘත කිරීමේ උත්සවවලට සහභාගී වන සජිත් ප්‍රේමදාස සිදු කරන ප්‍රකාශ පදනම් කර ගෙන විශේෂයෙන් විවේචනය එල්ල කරනු ලැබීය. කළුතර දී පවත්වන ලද එම මාධ්‍ය හමුවේ දී ඔහු වැඩි දුරටත් පළ කළ අදහස් උපුටා ගෙන පහත දැක්වේ.
“සුහුරු පංති කාමර විවෘත කරන කොට විපක්ෂ නායක තුමා කතා කරන්නේ තුට්ටු දෙකේ දේශපාලනය. ඉස්කෝලේ ඉන්න දෙමව්පියන්ට, ඒ ඉස්කෝලේ ඉන්න ගුරුවරුන්ට වැඩක් තියෙනවාද ඕවා. එහෙම වත් බුද්ධියක් නැති කඳ බඩ විතරක් තියෙන මිනිස්සු අද දේශපාලනයට ඇවිල්ලා අපට දේශපාලනය උගන්වනවා“ යනුවෙන් රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේදී පැවසීය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

