49වැනි පාසල් ජල ක්‍රීඩා ශූරතාවලියේදී නව වාර්තා කිහිපයක්
හතළිස් නවවැනි පාසල් ජල ක්‍රීඩා ශූරතාවලියේදී එකම වාර්තාවක් අබිබවා යෑමට ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් සමත් වූහ. මයිලෝ අනුග්‍රහයෙන් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවැත්වෙන තරගාවලියේ සිව්වැනි දිනය වූ (12) පෙරවරුවේ පැවති අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 200 ඉසව්වේදී මේ වාර්තාව බිහි විය. එහිදී කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිරුකි ද සිල්වා මිනිත්තු 2:32.61කින් පැරණි වාර්තාව මකා දැමූ අතර, එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනාගත් කොළඹ විශාකා විදුහලේ ඩිලානි කරුණාදාස ද මිනිත්තු 2:37.42කින් පැරණි වාර්තාව පසු කළාය. එහි පැරණි වාර්තාව 2019 වසරේ සඳු සවින්දි විසින් පිහිටුවා තිබුණේ මිනිත්තු 2:37.94කිනි.
විශාකා විදුහලේ ඩිලානි ඊයේ තවත් වාර්තාවක් අලුත් කිරීමට සමත් වූයේ අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 800 නිදහස් ආර ඉසව්වේදීය. එහිදී ඇය මිනිත්තු 10:15.93කින් අලුත් කළේ 2019 වසරේ සඳු සවින්දි මි. 10:19.05ක වාර්තාවය.
මේ අතර අවුරුදු 18න් පහළ බාලක මීටර් 200 ඉසව්වේදී නව වාර්තාවක් පිහිටුවීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ බිනුර තලගල සමත්වූයේ මිනිත්තු 2:17.17කිනි. එහි පැරණි වාර්තාව 2019 වසරේ පී. අරුක්ෂාන් විසිනි මිනිත්තු 2:17.43කින් පිහිටුවා තිබිණි. මේ තරගාවලියේ පස්වැනි දිනය වන අද වන අතර, හෙට තරගාවලිය නිමා වීමට නියමිතය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

