නේපාලයේ බස්රථ අනතුරෙන් පුද්ගලයින් 63ක් අතුරුදන්
අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ විශාල නායයෑමකින් බස් රථ දෙකක් නේපාලයේ ගඟකට වැටීමෙන් පුද්ගලයන් 63 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම අනතුර සිදුවී ඇත්තේ ඊයේ අලුයම 3.30ට පමණ කත්මණ්ඩු නුවරට කිලෝමීටර් 100ක පමණ දුරින් පිහිටි නාරායන්ගාට් – මුග්ලින් අධිවේගී මාර්ගයේදී බවත්, අතුරුදන් වූ පුද්ගලයන් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම අනතුරින් දිවි බේරාගෙන ඇත්තේ පුද්ගලයන් තිදෙනකු පමණක් බව ද වාර්තා වේ. ඔවුන් දිවි බේරාගෙන ඇත්තේ එම බස් රථ ගඟට වැටීමෙන් පසු ඉන් පිටතට පැමිණ පිහිනා ගොඩ බිමට සේන්දු වීමට සමත් වීම හේතුවෙනි. අනතුර සම්බන්ධව පොලිසියට දැනුම් දී ඇත්තේ ද එසේ දිවි බේරාගත් පුද්ගලයන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අධික වර්ෂාව නායයෑමට හේතුව බව නේපාල බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

