Latestදේශීය

වැලිගමදී කොරියානු කාන්තාවක් මියයයි

වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙයි.

ඊයේ (13) දී  පස්වරුවේ අදාළ කාන්තාව මෙසේ අනතුරට ලක් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම විදෙස් ජාතික කාන්තාව දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට රැගෙන මාතර රෝහලට ඇතුළත් කර තිබෙයි.

රෝහල් ගත කරන විටත් ඇය මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *