Latestදේශීය

රනිල් පත්කරගත් අරමුණ සිද්ධ වුනේ නැහැ – ‌සාගර කාරියවසම්

අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්කරගත් අවස්ථාවේ සිදු කළ පුරෝකථන සියල්ල අසාර්ථක වී ඇති බව එම පක්ෂයේ මහා ලේකම් සාගර කාරියවසම් දේශය පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ඊයේ (14) නිකුත් කර තිබෙන එම පුවත්පතේ මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ සාගර කාරයවසම් සමග කළ සාකච්ඡාව තුළදී මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඒ බව පවසා ඇත. “රාජ්‍ය බේරගන්න තුනෙන් දෙකේ බලයක් අත්හැරපු මිනිස්සු අපි.” යන සිරස්තලයෙන් එම සාකච්ඡාව පල කර තිබේ. මාධ්‍ය වේදියා නැගූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුර තුළ තමන්ගේ අපේක්ෂා බිඳවැටීම පිළිබඳව පහත දැක්වෙන ආකාරයට ප්‍රකාශ කර ඇත.

“කොහොම වුනත් ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්තිය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා තිබුණේ. ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර එකකට සීමාවෙලා තිබුණේ. ඒ නිසා අපි හිතුවා එතුමා පරණ වැඩපිළිවෙල අත්හැරලා මධ්‍යස්ථව කටයුතු කරයි කියලා. ඒත් අපි බලාපොරොත්තු වුණු ආකාරයෙන් සිද්ධ වුනේ නෑ.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *