Latestදේශීය

කෙහෙළිය සිංගප්පූරුවෙන් ගෙන්වන ඖෂධ පමණක් ලබා ගන්නේ ඇයි?

මිහින්තලේ රෝහලෙන් පාසල් දරුවන් වෙත ලබා දෙන ලද එන්නතක් විෂ වීමෙන් සිසු සිසුවියන් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම පිරිස සෙම් ආබාධ සඳහා ලබා ගත් ප්‍රතිකාරවල දී එන්නත් නියම කර තිබේ. වයස අවුරුදු 6ත් 13ත් අතර පාසල් වියේ පසුවන එම දරුවන් අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් මිහින්තලේ රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

මේ අතර ඖෂධ ජාවාරමේ ප්‍රධානියෙකු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් සහ බෑණාගේ ගිණුම්වල රුපියල් කෝටි ගණනක ස්ථාවර තැන්පතු ඇති බවත් කෝටි ගණනක ජීවිත රක්ෂණ ලබා ගෙන ඇති බවත් පසුගිය සතියේ හෙළි වී තිබිණි.

එමෙන් ම බන්ධනාගාර ගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ලට සිංගපූරුවෙන් ගෙන්වන ලද ඖෂධ ලබා ගැනීමට ක්‍රියා කර ඇතැයි ද හෙළි වී තිබිණි.

කෙහෙළිය රඹුක්වැල්ල හට සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල කළ හැකි බව මෙයට පෙර නීතිඥයන් පෙන්වා දී තිබිණි. රජයේ රෝහල්වලින් රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ මත නිකුත් කරන ඖෂධ ඔහුගේ භාවිතාව සඳහා ගැනීම ප්‍රතික්ෂේප කිරීම ද අපරාධ චෝදනා තහවුරු කිරීමට යොදා ගත හැකිව තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *