Latestක්‍රීඩාවිදේශීය

චීන ඔලිම්පික් ශූරයින් 42ක් පැරිස් ඔලිම්පික් උළෙලට

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා, ඔලිම්පික් ශූරයන් 42 දෙනෙකු ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 405 දෙනෙකු සහභාගි කරවන බව චීනය කියයි. මේ බව 13 වැනිදා නිවේදනය කෙරිණ.

ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ඉසව් 30 ක් සඳහා මේ පිරිස තරග වදිනු ඇත.

චීන ක්‍රීඩා කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වූ චීන ඔලිම්පික් දූත පිරිසේ ප්‍රධානි Gao Zhidan මහතා, ජයග්‍රහණය සඳහා උපරිම ප්‍රයත්න දරන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ පිරිසෙන් 223‍ දෙනෙකු ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වීමට නියමිතය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *