දෙවන පෙත්සමත් විසිවෙයි – ජනාධිපතිවරණය ස්ථීරයි
(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (15) තීරණය කළේය.
නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවන්නැයි ද පෙත්සම්කරුට නියම කෙරිණි. ජූලි 31ට පෙර නඩු ගාස්තු ගෙවන ලෙස ද නියෝග කෙරිණි.
අගවිනිසුරු ජයන්ත ජයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් එම විනිසුරු මඩුල්ල සමන්විත විය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

