Latestදේශීය

පියුමි අත්අඩංගුවට ගන්නේ නැහැ – නීතිපති

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

එහෙත් පියුමි හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත් අධිකරණයට දැනුම් දී ඇත.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පියුමී හංසමාලි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඊයේ (15) අභියාචනාදීකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, විමර්ශන කටයුතු අවසන් වනතුරු පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමක් නොකරන බවය.

ඒ අනුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 20 වන දා කැඳවීමටද දින නියම වුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *