Latestදේශීය

විදුලි බිල පහළට

(නිමල කොඩිතුවක්කු)

මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කි පහත දැමීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවැසීය. 

විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.

ඒ අනුව මුල් ඒකක 30 දක්වා ඒකකයට මිල රුපියල් 8 සිට 6 දක්වාද, ස්ථාව ගාස්තුව රුපියල් 150 සිට 100 දක්වාද, ඒකක 31 – 60 දක්වා ඒකකයට රුපියල් 20 සිට 9ය දක්වාද, 61 – 90 වූ එකකයට රුපියල්  30 සිට  18 දක්වා ද ඒකක 91 – සිට 120 දක්වා වූ ඒකකයට අය කළ රුපියල් 50 සිට 30 දක්වා ද අඩු කෙරේ.

ඒ අනුව ගෘහස්ත විදුලි බිල සියයට 27කින්ද, හෝටල්වල විදුලි බිල සියයට 25කින්ද, ආගමික ස්ථාන සඳහා සියයට 30කින්ද අඩු කෙරේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *