Latestක්‍රීඩාදේශීය

විස්සයි 20 නායකත්වය චරිත් අසලංකට

ලෝක ශූර ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේ නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට සූදානම් වේ. වනිඳු හසරංග විස්සයි20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මේ පත්කිරීම සිදුවන අතර, වනිඳුගේ මාස හයක කෙටි කාලය තුළ හැසිරීම සහ නායකත්වය පිළිබඳ ප්‍රසිද්ධ විවේචන එල්ල විය.

අසලංක ඔහුගේ පාසල වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ අත්දැකීම් තිබෙන අතර, කලක සිට ශ්‍රී ලංකා උප නායකත්වය දැරීය. 27 වැනි වියේ පසුවන අසලංක ජාත්‍යන්තර විස්සයි20 තරග 47කට ක්‍රීඩා කර ඇත.

ඉන්දියාවට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා 34 හැවිරිදි දිනේෂ් චන්දිමාල් නැවත කැඳවීමේ සූදානමක් ඇතැයි ද පැවසේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *