Latestවිදේශීය

ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් කිරීමට සැරසේ

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු ඇමති අතුල්ලා තරාර් අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීමේ චෝදනාව යටතේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට එරෙහිව නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් එම චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවට සිය රජය විශ්වාස කරන බවත් ඇමති අතුල්ලා තරාර් පවසයි. පාකිස්තානයට ඉදිරියට යාමට නම් තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය අවසන් විය යුතු බවද ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය පාකිස්තාන පාර්ලිමේන්තුව තුළ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි තනි පක්ෂය වීමටද නියමිතය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *