චීන රුසියා යුද අභ්‍යාස ඇරඹේ
2024 චීන- රුසියානු ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය දකුණු චීනයේ ගුවං තුං පළාතේ දී ඇරඹේ. චාන් චියං නුවර පිහිටි යුද වරායක දී එහි සමාරම්භක උත්සවය ඊයේ (14) පැවැත්විණ.
චීනය හා රුසියාව අතර නාවික හමුදා සංවර්ධන ක්ෂේත්රයේ පුළුල් සම්බන්ධතා පවතී. දෙරට නාවික හමුදාවන්හි ඒකාබද්ධ යුද අභ්‍යාස යාන්ත්‍රණය වඩාත් සවිමත් වී ඇතැයි මෙවර වැඩසටහන මෙහෙයවන චීනය කියයි. රුසියාව පවසන්නේ, නාවික හමුදාවන්හි වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීම සහ සිය රටවල් ආශ්රිත මුහුදු කලාපයේ ආරක්ෂාව සහතික කිරීමේ දී මෙවැනි යුද අභ්‍යාසයකින් වැදගත් කාර්යභාරයක් ඉටුකෙරෙන බවයි.
මෙවර වැඩසටහන යටතේ, දෙරට යුද නෞකා චාන් චියං නුවර ආසන්න මුහුදු ප්‍රදේශයක දී බහුවිධ අභ්‍යාසවල නිරත වනු ඇත. සැබෑ අවි පුහුණුවක් ද ඊට ඇතුළත් ය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

