ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්
අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.
මිල්වෞකි නගරයේ ඊයේ (15) පැවැති රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදී මෙම නම් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින 04 ක් පුරා මෙම ජාතික සම්මේලනය පැවැත්වීමට නියමිතය.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට දින දෙකකට පෙර ඝාතන තැතකින් දිවි ගලවා ගැනීමෙන් පසු ඔහු පළමුවරට ප්‍රසිද්ධියේ මෙලෙස පෙනී සිටියේය.
ඔහුගේ දකුණු කනේ විශාල වෙළුම් පටියක් ද දක්නට තිබුණි.
මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කරුණු අතර 39 හැවිරිදි ඔහායෝ සෙනෙට් සභික ජේ ඩී වාන්ස් රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති ධුරය සඳහා නම් කළේය.
අමෙරිකාව යළිත් විශිෂ්ට රාජ්‍යක් කිරීම වෙනුවෙන් ඔහු සිය උපරිම දායකත්වය ලබාදෙන බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සම්මේලනයේදී ප්‍රකාශ කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

