Latestදේශීය

කොටුව දුම්රිය ස්ථානය අසල මළ සිරුරක්

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60ත් 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 04ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය සඳහන් කළේ ඔහු අවසන් වරට අත්කොට කමිසයක් සහ රතු පැහැති සරමක් හැඳ සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *