පොහොට්ටුවෙන්ම ජනාධිපතිවරණයට 4 දෙනෙක්
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඩැහැ ගනිමින් සිටින අතර තවත් තිදෙනෙක් තරඟ වැදීමට සූදානමින් සිටින බව තහවුරු වී තිබේ.
පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන් ම අධිකරණ ඇමති ද වන විජේදාස රාජපක්ෂ, ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂ සෙසු තිදෙනා වෙති.
මොවුන් අතරින් ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂ මේ වනවිටත් ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව විජේදාස රාජපක්ෂ ද ප්‍රකාශ කර ඇත. මේ අනුව රනිල් වික්‍රමසිංහ මෙන් ම, අනෙකුත් තිදෙනා ම පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ තරඟයක යෙදී සිටිති.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

