ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු සහ එලැඹෙන ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයාවන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව එරට සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශය පවසයි.
මීට සති කිහිපයක සිට එම ආරක්ෂක අංශය මෙසේ පවසා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
එම තර්ජන සැලකිල්ලට ගනිමින්, ට්‍රම්ප්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය පියවර ගෙන තිබේ.
ට්‍රම්ප් පසුගිය දා වෙඩි ප්‍රහාරකට ලක් වී නූලෙන් බේරුණේ එසේ ආරක්ෂාව තරකර තිබියදීය.
නමුත් පසුගිය දා පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් ප්‍රාන්තයේ, මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයට, ඉරානයේ කිසිදු සම්බන්ධයක් ඇති බවට අනාවරණය වී නැති බව සීක්‍රට් සර්විස් අංශය තහවුරු කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

