Latestක්‍රීඩාදේශීය

තවත් ඝාතනයක් – හිටපු ක්‍රිකට් නායකයෙක් වෙඩිතබා මරාදමයි

අම්බලන්ගොඩ කන්ද මාවත පදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදු කර ඇති වෙඩි තැබීමකින් වයස 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ධම්මික නිරෝෂණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

හතලිස් හැවැදිරි වියෝ පසු වූ ඔහු අම්බලන්ගොඩ කන්ද මාවත පදිංචිව සිටි දෙදරු පියෙකු බව පොලිසිය සඳහන් කරයි.

ඔහු සිය නිවසේ සිටිනා විට දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

වෙඩික්කරුවන් පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මරණකරුගේ හිසට බවත් පොලිසිය සඳහන් කරයි.

අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *